තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමඟි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ දී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.
එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසද නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
මේ අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබුණා.








Leave a Reply