විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරිය ලෙස නම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන වාර්තා කරන ලෙසයි.
කෙසේ වෙතත් සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් මේ වන විට අතුරුදහන්ව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
Leave a Reply