පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මියගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමා වෙත භාර දුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.
ඒ පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයක් අනුවයි.
රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටි ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නිත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා 08 වනදා තීන්දු කළා.
එහිදී ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඒ මහත්මිය අධිකරණය හමුවේ අසමත් වී ඇති බව සඳහන් කරමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි අයෙක් මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද එම තීන්දුවේ සඳහන් වනවා.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
එහිදී ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව සඳහන්.
බ්‍රිතාන්‍ය පුරවැසියෙකු සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී හෙළි වූ අපරාධමය කරුණු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය අයුරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබුණා.
ඇය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණය වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා වෙත දැනුම් දී තිබූ බව සඳහන්.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.
මේ අනුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකර ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
Leave a Reply