ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති අතර, ඒ පිළිබඳව සිය නිල X ගිණුම ඔස්සේ ද නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ “කොක්‍රෝච් ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නීට් (NEET) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා මුල්කරගනිමින් මසකට ආසන්න කාලයක් පුරා ඉන්දියාව තුළ තරුණ විරෝධතා පැවැත්වුණු අතර, අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම එම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක්ව පැවතුණා.
එම විභාගය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවල ප්‍රධාන වගඋත්තරකරු ලෙස ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයා නම් කර තිබූ බව ද විදෙස් වාර්තාවල සඳහන්.







Leave a Reply