Loading...

සිඩ්නි වෙඩිතැබීමට ආ සැකකරුගේ තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි බොන්ඩි වෙරළ තිරයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම මාලාවේ කරුණු රැසක් මේ වන විට හෙළිව තිබෙනවා.

නිව් සවුත් වේල්ස් පොලීසිය පැවසුවේ ප්‍රහාරවලට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙකු හඳුනාගෙන ඇති බවයි.

ඔහු සිඩ්නි නුවරට නිරතදිග ප්‍රදේශයේ පදිංචිව සිටි නවීඩ් අක්‍රම් නම් පුද්ගලයෙකු බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ නමුත් එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා ද නැතහොත් අත්අඩංගුවේ පවසුවන පුද්ගලයා ද යන්න සම්බන්ධව මෙතෙක් හෙළිව නැහැ.

යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 29ක් බව සඳහන්.

වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඉන් එක් අයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබුණා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *