පසුගිය වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සම්බන්ධව වැඩිදුර විභාගය මේ මස 5 වනදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
ඊට අදාළ නඩුව ඊයේ (03) විභාගය සඳහා කැඳවනු ලැබුවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරියක් ඊයේ (03) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම පෙත්සමේ විභාගය ලබන 5 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව සඳහන්.
සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පසුගිය වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි එදින නොපැවැත්වීම තුලින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.
Leave a Reply