Loading...

කෙහෙළියගේ ඇප ඉල්ලීමේ පෙත්සමේ තීරණය කල් යයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳව තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කළා.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේ තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාළ නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවයි.

මේ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සම ලබන 14 වනදා කැඳවීමට දින නියම වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *