Loading...

බොන්ඩි වෙරළේ වෙඩි තැබීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 15ක් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙක් ද සිටින බවයි.

මේ අතර ඊයේ (14) සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබෙනවා.

වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා සහ පුතා වන බවට මේ වන විට කරුණු හෙළිව ඇති බව වාර්තා වනවා.

මෙහිදී එක් වෙඩික්කරුවෙකු මියගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයක් ඉලක්ක කරගනිමින් ඊයේ (14) මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 29කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *