Loading...

දයාසිරි නැවතත් ශ්‍රීලනිප මහලේකම් ධුරයට?

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02) නිකුත් කළා.

කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා විත්තිකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ නඩුව ගොනු කර තිබුණා.

මෙම තහනම් නියෝගය නඩුව විභාගය කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ක්‍රියාත්මක වනු ඇති.

අදාළ නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු කිරීමට තමාට කිසිඳු බාධාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *