වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සල් ලියාපදිංචිය ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.








Leave a Reply