ලබන මසදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ දී තරඟ පාවාදීමකට සැලසුම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමීම් රහ්මාන් නැමැති පුද්ගලයා ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මීට අදාළ නඩුව අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ දී කැඳවුණු ලැබුවා.
මෙහිදී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන අංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.
එම තරඟ පාවාදීමේ සිද්ධිය පිළිබඳව පැමිණිලිකරුවන් හා විත්තිකරුවන් අතර ඇති වූ බවට පැවසෙන දුරකථන සංවාදවලට අදාළ හඩපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායමට නියම කළා.
නඩුව නැවත ලබන 07 වනදා කැඳවීමට නියමිතයි.
Leave a Reply