Loading...

ඩේසි ෆොරස්ට් නඩුවෙන් නිදහස් වෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.

විත්තිකාර ඩේසි ෆොරස්ට්ට නඩු විභාගයට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් තිබෙනවාද? යන කරුණ සම්බන්ධව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද (25) නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔහු එහිදී පැවසුවේ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බව වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බවයි.

කරුණු සලකා බැලු විනිසුරුවරයා ඩේසි ෆොරස්ට් හට එරෙහිව තිබූ අධිචෝදනාවන්ගෙන් ඇය නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *