Loading...

දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඊසාන දිග මෝසම් සක්‍රිය වීම සමඟ දෙසැම්බර් හා ජනවාරි මස අඩු පීඩන ප්‍රදේශ තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මෙම තොරතුරු හෙළිව ඇති බවයි.

මෙහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරුමැද, නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවැතිය හැකි බව සඳහන්.

බටහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බව එම දත්ත අනුව පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනරාල්වරයා පවසන්නේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවත් එසේ සිදුවුවහොත් මෙම කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *