මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද (20) උදෑසන වන විට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (20) උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇති බවයි.
ඊයේ (19) දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඩොලර් 115 සීමාව ද ඉක්මවා ගොස් තිබුණා.
මේ අතර WTI බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී තිබෙනවා.
එහි අගයද ඊයේ (19) ඩොලර් 100 ඉක්මවා ගියා.
යුද්ධය අවසන් කරන්න නිශ්චිත කාල රාමුවක් නැහැ – අමෙරිකානු ආරක්ෂක ලේකම්
ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සඳහා අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන පෙන්ටගනය කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ඊයේ (19) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම ගැටුම අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් පෙන්ටගනයෙන් ඉල්ලා ඇති මුදල් සම්බන්ධවද විමසා සිටියා.
කෙසේ වෙතත් ඊට සෘජු පිළිතුරක් ලබානොදුන් ඔහු පැවසුවේ එම අගය වෙනස් විය හැකි බවයි.
“ඩොලර් බිලියන 200ක් ගැන කියනවා නම්, මම හිතන්නේ ඒ අගය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිවම නරක මිනිසුන් මරා දැමීමට මුදල් අවශ්‍යයි. අපි කොංග්‍රසය වෙත යන්නේ මෙතෙක් කළ දේට සහ අනාගතයේදී අපට කිරීමට සිදුවන දේ සඳහා අවශ්‍ය නිසි ප්‍රතිපාදන ලබා ගැනීමටයි.”








Leave a Reply