Loading...

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

ලෝක වෙළෙඳපොලේ නැවත වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්තවය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400ක වාර්තා ගත සංචිතයක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ (11) ඒකමතිකව එකඟ වී තිබියදී මෙම මිල ඉහළ යාම සිදුවීම විශේෂත්වයක්.

බදාදා දින අවසානයේ ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 8.7%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාවේ පැවතුණා.

තවද අමෙරිකානු තෙල් මිල දර්ශකය වන WTI මිලද 8.7%කින් ඉහළ ගොස් ඩොලර් 94.8ක් ලෙස වාර්තා වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *