Loading...

රාමනාදන් අර්ච්චුනාට ලැබුණු අධිකරණ නියෝගය

ඉලවාලෙයි පොලීසිය මඟින් අද (27) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

පසුගිය 25 වනදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් ගිනි අවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකර තිබුණා.

ඒ ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් හේතුවෙනි.

අදාළ ඉඩමේ අයිතිය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර එම ඉඩම තමාට අයත් බව මන්ත්‍රීවරයා පවසන අතර කාන්තාවක් ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇති බව සඳහන්.

පසුගිය 25 වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන තිබුණා.

එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *