Loading...

පියුමිගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය ගත් තීන්දුව

මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි මහත්මිය ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අභියාචනාධිකරණ හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

මෙහිදී අධිකරණය දැනුම් දී ඇත්තේ පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි.

තමා අත්අඩංගුවට ගැනීමේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද (15) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ මෙම පෙත්සම අද (15) ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බවයි.

පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *