Loading...

ඉරානය සම්බන්ධ ට්‍රම්ප්ගේ යුද ප්‍රතිපත්තියට කොංග්‍රසයෙන් දැඩි අභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගනු ලබන ඉදිරි හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා සකස් කළ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි දේශපාලන බලපෑමක් ලෙසයි.

පසුගිය පෙබරවාරි මසදී ආරම්භ වූ මෙම ඉරාන යුද්ධය පිළිබඳව ට්‍රම්ප් පාලනතන්ත්‍රය වෙත තම අකමැත්ත ප්‍රකාශ කරමින් රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වුණා.

මේ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් සහ විපක්ෂ ඡන්ද 208ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන ලද යුද බලතල පාලනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් සිව්වන අවස්ථාව මෙය වනවා.

කෙසේ වෙතත් මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ බහුතරය සහිත අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය යුතුයි.

සෙනෙට් මණ්ඩලයෙන් මෙය සම්මත වුවද ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග සම්පුර්ණයෙන්ම නැවත්වීමට එය ප්‍රමාණවත් නොවන බව සඳහන්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යෝජනාව නිෂේධනය කිරීමේ බලය පවතින බැවිනි.

ජනාධිපතිවරයාගේ නිශේධ බලය අභිබවා යාමට නම් මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වනවා.

සෙනට් මණ්ඩලය මීට පෙර අවස්ථා 7කදී අසාර්ථක වීමෙන් පසු පසුගිය මැයි මසදී මෙවැනිම යෝජනාවක් ඉදිරියට ගෙන ආ නමුත් එය තවමත් පූර්ණ ඡන්ද විමසීමකට ලක් කළේ නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *