දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වයට නව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙවර පෙරහැරේ 6 වැනි පේළි පෙරහැර සඳහා කාවඩි නර්තන අංගය එක් කිරීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනය කර ඇති බව සඳහන්.
සිය නිවේදනයෙන් බස්නායක නිළමේවරයා පෙන්වා දී ඇත්තේ ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගී වීමට අවසර ලබාදෙන බවයි.
මේ අතර, දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මීට පෙර මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා නිර්දේශ කර තිබුණා.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට පොලිස්පතිවරයා විසින් ලබාදුන් බුද්ධි තොරතුරු සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත්, බස්නායක නිළමේවරයාගේ නව නිවේදනය අනුව, ආරක්ෂක හා පරිපාලන කොන්දේසි යටතේ කාවඩි නර්තන අංගය මෙවර පෙරහැරට එක් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.






Leave a Reply