Loading...

ජනාධිපතිවරණයට එනවද නැද්ද? තීරණය සති දෙකකින් – විජේදාස රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් තමාගෙන් ඉල්ලු බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කිරීමෙන් පසුව ඉදිරි සති දෙක තුළ තමන් තීරණයක් ගන්නා බවයි.

තමා නිදහස් පක්ෂ කාර්යාලයට ගියේ ඔන්ලයින් පනත ගැන දැනුවත් කිරිමට නොව රටේ පවතින දේශපාලන තත්වයන් ගැන දැනුවත් කිරීමට ලැබුණු ආරාධනයක් මත බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *