Loading...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට එන්න – බලශක්ති ඇමතිට ඩී.වී ගෙන් අභියෝගයක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා අභියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බවත් එම ගණුදෙනු සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

වත්මන් පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා මහා පරිමාණ ගල් අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කරනු ලැබුවා.

මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ සාමාන්‍යයෙන් අප්‍රේල් මස කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මස දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කරනු ලැබුවා.

මේ අනුව ලංකාවට ගෙනා පළමු ගල් අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වුණා.

එම ටෙන්ඩරය මාර්ගෝපදේශ අනුව මෙය අවම ලෙස 5900ක් විය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *