Loading...

සම සත්කාරකයන් තරඟාවලියෙන් ඉවතට ඇද දමමින් දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයට

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ එංගලන්ත සහ අමෙරිකානු අතර පැවැති තරඟයෙන් එංගලන්තය කණ්ඩායම කඩුලු 10ක පහසු ජයක් ලබා ගැනීමට ඊයේ (23) සමත් වුණා.

Bridgetown හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 115කි.

අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් Nitish Kumar ලකුණු 30ක් සහ Corey Anderson ලකුණු 29ක් රැස්කළා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Chris Jordan කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර ඔහු සිය පන්දුවාර 2යි පන්දු 5කදී ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී ලකුණු 117ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජොස් බට්ලර් පන්දු 38 කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 6ක් ලබාගත් අතර පිල් සෝල්ට් නොදැවී ලකුණු 25ක් ලබා ගනු ලැබුවා.

මේ අතර දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවැති තරඟයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

Antigua හිදී Sir Vivian Richards ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගැනීමට සමත් වුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Roston Chase ලකුණු 52ක් ලබාගත් අතර Kyle Mayers ලකුණු 35ක් ලබා ගනු ලැබුවා.

Tabraiz Shamsi දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉනිමේ පන්දුවාර 2ක් වන විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 15කට කඩුලු 2ක් දැවී ගොස් තිබුණා.

මේ අනුව තරඟය ජයගෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 17කදී ලකුණු 123ක ඉලක්කය ලැබුණා.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැඩි පීඩනයක් යොදමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු යැවීම නිරත වුවද 17 වන පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරඟය ජය ගනු ලැබුවා.

මේ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *