Loading...

අනුර ගැන සම්බන්ධ ව්‍යාජ ලිපියක් ගැන CID විමර්ශනයක්

ජාතික ජන බලවේගය විසින් කිසිඳු ආගමකට ප්‍රමුඛත්වය දෙන්නේ නෑ යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අත්සන සහ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

පොලීසිය B වාර්තාවක් ගොනු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කරුණු දක්වමින් ඊයේ (04) මේ බව සඳහන් කළා.

එම බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ තිබෙනවා.

පසුගිය 24 වනදා මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේ දී ජාතික ජන බලවේගයේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංඝ සමුළුවකදී කිසිඳු ආගමකට එම රජය යටතේ ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බව හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බව සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බව සුනිල් හඳුන්නෙත්ති මහතා තම අංශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එලෙස සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලු මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බව එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බවයි.

මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්මත කරගත් බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුරදී විකාශය වූ බව එම ව්‍යාජ ලිපියේ සඳහන් කර ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් ආරම්භ කර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *