Loading...

හොර පාරෙන් QR භාවිතා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට

කාන්තාවක් සතු මෝටර් රථයක ඉන්ධන QR කේතය Override කරමින් අදාළ මෝටර් රථයේ දත්තවලට නව QR කේතයක් සකස් කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1919 අංකය ඔස්සේ ලැබුණු තොරතුරක් මත ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය විසින් සැකකරු සම්බන්ධව විමර්ශන සිදු කර ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වනවා.

මෙම නීතිවිරෝධී QR කේතය සඳහා ඉන්ධන නිකුත් කළ අය සම්බන්ධව මේ වන විට විමර්ශන සිදු කරමින් පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *