අන්තර්ජාල ඔස්සේ මුල්‍ය වංචාවල නිරතවීම පිළිබඳව චීන ජාතිකයින් 30 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ ඔවුන් මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර මෙරට ප්‍රදේශ කිහිපයක නිවාසවල සිටිමින් ඉන්දියාව තහනම් කළ ඔන්ලයින් සුදු ක්‍රීඩාවක් හරහා මුල්‍ය වංචාවන් සිදුකළ ඉන්දීය ජාතිකයින් 137 දෙනෙක් ද ඊයේ (28) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
Leave a Reply