Loading...

අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම ගැන චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගතව තීරුබදු පැනවීම පිළිබඳව තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (12) ප්‍රකාශ කළේ සිය දුර්ලභ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධව දැනුම් දීම පසුගියදා 9 වනදා චීනය සිදුකළ බවයි.

මෙම ක්‍රියාව චීන රජය නීති රීතිවලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියා මාර්ගයක් බව සඳහන්.

ඊට එරෙහිව අමෙරිකාව පසුගිය 10 වනදා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100%ක් දක්වා තීරු බදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවයි.

අමෙරිකාවේ මෙම පියවර ව්‍යවසායන්හි යුක්ති ගරුක හා නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළෙඳ පටිපාටිය ද හානිකර බවද මේ සම්බන්ධව අදහස් දක්වන චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.

එම නිසා සිය වැරදි නිවැරදි කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.

තවද ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බවද න වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *