මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරී පනත මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේදී සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල අදාළ අධිකාරිය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2023 වසරේ බණ්ඩාරවෙල, පූනාගල කබරගල කන්ද නායයාමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර සහිතව මෙම මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරය අප ඇස් ඉදිරිපිටම විනාශ වෙමින් පවතින බවත්; කඳු කඩාවැටීම්, දියඋල්පත් සිඳීයාම් මෙන්ම ගංගා සහ ඇළදොළ ගොඩවීම් බහුලව සිදුවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එම පරිසර විනාශය වළක්වා ගනිමින් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත් කිරීමට දශක ගණනාවක් ගතවනු ඇති බවත්, නමුත් සිදුවන විනාශයන් වහාම නතර කිරීම සඳහා කෙසේ හෝ පියවර ගතයුතු බවත් උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළා.








Leave a Reply