Loading...

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවැති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින 8% මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුව කියා සිටියේ වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා සම්බන්ධව මනාව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි.

මාධ්‍ය කාලීනව උද්ධමනය 5%ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වීම සහතික කරමින් ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය වීමේ අරමුණින්
මෙම තීරණය ගෙන ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *