Loading...

ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු ගැන ඉන්දීය මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතර අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

කලාපීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණෙන් මෙය පියවර ගෙන ඇති බව එරට මහ බැංකුව පවසනවා.

මේ අනුව සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *