Loading...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරයි

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ධවල මන්දිරය තුළ පැවැති සාකච්ඡාවලින් පසුව මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි.

ඊයේ (23) එක්සත් ජනපදය තුළ ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවැති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද ට්‍රම්ප් පෙන්වා දෙනවා.

පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මුලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබුණා.

මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉරිදියට යාමට හැකිව ඇත.

මේ අතර ඉදිරි වසර තුළ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ස්ථිර සාම ගිවිසුමකට එළැඹීමේ වැඩි අවස්ථාවක් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ධවල මන්දිරය තුළ පැවැති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම සාම ක්‍රියාවලිය තමන් මැදිහත් වන අනෙක් ජාත්‍යන්තර අර්බුධවලට වඩා සාපේක්ෂ පහසු එකක් විය හැකි බවයි.

තවද ඉරානය විසින් හිස්බුල්ලා වෙත ලබාදෙන මුල්‍ය ආධාර පිළිබඳව ඔහු මෙහිදී සිය අවධානය යොමු කළා.

ට්‍රම්ප් සඳහන් කරන්නේ ඉදිරි කාලයේ දී ඉරානය සමඟ ඇති කර ගන්නා ඕනෑම එකඟතාවයකදී එවැනි අරමුදල් නතර කිරීම අත්‍යවශ්‍ය බවයි.

මේ වන විට ක්‍රියාත්මක සති තුනක සටන් විරාම කාලය තුළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ධවල මන්දිරයේදී හමුවීමට ඉඩ ඇති බවද ට්‍රම්ප් මෙහිදී පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *