Loading...

වැටුණු රට නැවත ගොඩනගන ජනපති අනුරගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩගැනීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති වුණා.

තවද ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම සහ අත්‍යාවශ්‍ය පොදු පහසුකම් විනාශ වීම මෙන්ම කෘෂිකාර්මික ඉඩම් ද විනාශයට පත්වුණා.

මෙම තත්ත්වය යටතේ රට නැවත ගොඩගැනීම සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු වනවා.

ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ පියවර ගත යුතුව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *