Loading...

ලබන මාසය වන විට උද්ධමනය 9% දක්වා ඉහළ යනවා

ලබන මාසය වන විට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවත්, 2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මැදපෙරදිග යුදමය තත්ත්වය දිගු වීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ඔහු පවසනවා.

උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *