Loading...

කොළඹට ජලය ගෙන කලටුවාව ප්‍රධාන නලයේ ගැලවී යයි

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 5ට රාත්‍රී 9 දක්වා ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බවයි.

පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, ගලගෙදර, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මේ අතර ආරක්ෂක අංශ සහ අනෙකුත් පර්ශවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නලය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සමඟ මේ වන විටත් පියවර ගෙන ඇති බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ අනවශ්‍ය ලෙස ජලය රැස්කර තබා නොගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *