Loading...

10වනදාට පෙර වත්කම් බැරකම් ලබාදෙන්න – මහින්දට අල්ලස් කොමිසම දැනුම් දෙයි

අප්‍රේල් 10 වනදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් හරහා ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබෙනවා.

වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධව 2010 සිට 2015 දක්වා කාලය තුළ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදෙන ලෙස එම කොමිසම හිටපු ජනාධිපතිවරයාට මෙම නියෝග ලබාදී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම කොමිසම පෙන්වා දී ඇත්තේ විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති බවත් එබැවින් අප්‍රේල් 10 වනදා දිනට පසු අවශ්‍ය තොරතුරු ලබාදීමට තවත් කාලයක් ලබා නොදෙන බවයි.

මේ අතර දින 12ක් ඇතුළත වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය 3 වනදා නොතීසි නිකුත් කළා.

එම කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති බවයි.

අදාළ කාල සීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අල්ලස් කොමිසම දන්වා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *