Loading...

වාර්තා පොත් අලුත් කරමින් සිංහ කොල්ලෝ ලෝක කුසලාන තරඟාවලිය පරාජයකින් අරඹයි

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මුහුණ දුන් පළමු තරඟයෙන් අමිහිරි පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (03) සිදු වුණා.

නිව්යෝක් හි නසාවු ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ තීන්දුවට ප්‍රබල පිළිතුරක් ලබාදීමට දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය හැකි වුණා.

මෙහිදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6ම ලකුණු 45කට දැවී ගියා.

ඒ අනුව වගකීම් විරහිත පිතිකරුවන්ගේ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 77ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Anrich Nortje ලකුණු 7කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

මෙම ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තා කළ අඩුම ලකුණු ගණන ලෙසද වාර්තා අතරට එක්වුණා.

මේ අනුව ලකුණු 78ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුලු 6ක් අතැතිව ජයග්‍රහණය වාර්තා කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *