2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බංගලුරු හිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපිමකින් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 50කට අධික ගණනක් තුවාල ලබා ඇති බවයි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (03) පැවැති අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට කිරීමට බංගලුරු කණ්ඩායම සමත් වුණා.
මේ අනුව බංගලුරු කණ්ඩායම වසර 18ක IPL ඉතිහාසයේ සිය පළමු කිරුළට හිමිකම් කියනු ලැබුවා.
රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ඓතිහාසික ජය සැමරීම සඳහා කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය විසින් බංගලුරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ උපහාර උත්සවය අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා.
මෙහිදී ඇති වූ නෙරපීම හේතුවෙන් බොහෝ දෙනෙක් සිහිසුන් වී ඇදවැටී ඇති බව සඳහන්.
කර්ණාටක නියෝජ්‍ය මහ ඇමති ඩී. කේ. ශිවකුමාර් පවසා ඇත්තේ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.
අධික තෙරපීම පාලන කිරීම සඳහා 5,000කට අධික කාර්ය මණ්ඩලයක් යොඳවා ඇති බවද වාර්තා වනවා.








Leave a Reply