අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නැත්නම් බටුවත්තේ චාමර ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.
දිගු කාලයක් ඩුබායි හිදී සැඟව සිටි මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු 48 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු විසින් තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනි අවිය ලබාදීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු ද වනවා.
සැකකරු කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ පසු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියා.







Leave a Reply