Loading...

අවුරුදු 19න් පහළ ආසියානු ශූරතාව දෙවන වරටත් බංග්ලාදේශයට

ආසියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශය අද (08) සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී 198ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 32.2කදී ලබාගත හැකි වුයේ ලකුණු 139ක් පමණි.

මෙම ජය සමඟ අඛණ්ඩව දෙවන වරටත් ආසියානු යොවුන් ශූරයන් ලෙස කිරුළු පැළදීමට බංග්ලාදේශ කණ්ඩායමට අවස්ථාව උදාවිය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *