ලොව උද්වේගකාරී සහ ධනවත්ම ලීග් ක්‍රිකට් තරඟ මාලාව වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඊයේ (03) තියුණු අවසාන මහා තරඟයකින් පසුව නිමාවට පත්වුණා.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියක අවසන් මහා තරඟයේ දී රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණේ මෙතෙක් ඉතිහාසයේ තමා වෙත හිමි නොවූ IPL කුසලනයක පහස භුක්ති විදීමේ ඒකායන අපේක්ෂාවෙනි.
මෙහිදී තියුණු තරඟයකින් පසු ඉතිහාසයේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
අහමාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් පංජාබ් කිංග්ස් නායක ශ්රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි බංගලුරු කණ්ඩායම පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමි ඉනිමකින් පිළිතුරු ලබාදීමට සමත් වුණා.
එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 190ක ලකුණු පුවරුවක් නිර්මාණය කරනු ලැබුවා.
බංගලුරු කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.
එම ඉනිම විස්සයි විස්ස තරඟයක තරමක මන්ඳගාමි ඉනිමක් ලෙස හැදින්විය හැකි වන අතර ඊයේ කිසිඳු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
බංගලුරු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ජිටේෂ් ශර්මා පන්දු 10කදී ලකුණු 24ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 9කදී ලකුණු 17ක් ලබා ගනිමින් දියත්කළ පිතිහරඹය හේතුවෙන් බංගලුරු පිලට ලකුණු 190ක සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට දායකත්වය ලබාදෙනු ලැබුවා.
පන්දු යැවීමේ දී පංජාබ් පිල වෙනුවෙන් ආර්දීප් සිං හා කයින් ජෙමිසන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පංජාබ් පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට හැකි වුණා.
පංජාබ් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර 6ක්ද සමඟින් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුවද එය රෝයල් චැලෙන්ජර්ස් පිලේ ලකුණු 190ක ඉලක්කය පසුකර යාමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.
මේ අනුව ලකුණු පංජාබ් කණ්ඩායම අවසන් මහා තරඟය ලකුණු 6කින් පරාජයට පත් කරමින් 2025 IPL ශූරතාවය වසර 18ක උත්සාහයෙන් අනතුරුව තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම පළමුවරට ඊයේ (03) රාත්‍රියේ දී සමත් වුණා.








Leave a Reply