ජනවාරි පළමු වනදා සිට වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීම තහනම් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදීයි.
මීට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
“වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීම අපි ජනවාරි 1 වන දා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය ලබාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු අපි සිදු කර අවසන්”
Leave a Reply