අයහපත් කාලගුණ තත්ත්වය සමඟ මහා බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.
කැත්ලීන් කුණාටුව සමඟ පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට කාලගුණ විද්‍යා අංශ නිකුත් කර ඇති අනතුරු ඇගවීම් සැලකිල්ලට ගෙන මෙම ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇති බව සඳහන්.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාපවලට දැඩි බලපෑමක් ඉල්ල වී තිබෙනවා.
Leave a Reply