Loading...

වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගත කළ බැකෝ සමන්ගේ මව මරුට

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහුගේ මව සහ තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන බවට තොරතුරු ලැබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’, ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලියේ සාමාජිකයෙකු ලෙස පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *