නඩු විභාගය අවසන් වන තුරු තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන මෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති රීට් පෙත්සම මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සිදුවීමට අදාළව තමන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ගොනු කර ඇති රීට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ සලකා බැලුවා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මුලික විරෝධතා මතු කරමින් මෙම රීට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියා.
මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා සිදුකර තිබූ ඇප ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන්.
තවද ප්‍රශ්ණගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාගේ ඇප ඉල්ලීම කල් තැබීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (10) තීරණය කළා.
මේ අනුව සැකකරුවන් දෙදෙනාම ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply