ලොව විශාල ස්වාභාවික ගෑස් නිදිය ලෙස සැලකෙන South Pars/North Dome Gas-Condensate field සංකීර්ණයේ ඉරානය විසින් පාලනය කරන South Pars ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් තොරතුරු වාර්තා කරනවා.
ප්‍රහාරය සමඟ එම ප්‍රදේශය ගිනි ගැනීමකට ලක්ව ඇති බව සඳහන්.
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙනවා.
එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබනවා.
සමස්ථ භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9700ක් වන අතර ඉන් ඉරානයට අයත් වන්නේ වර්ග කිලෝමීටර් 3700ක ප්‍රමාණයයි.
කටාර රාජ්‍ය වර්ග කිලෝමීටර් 6000ක පුරා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.
කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් හිමි කරගන්නේ South Pars ගෑස් ප්‍රභවයෙනි.
මෙම වසර මුලදී පමණක් පමණක් ඔවුන් ප්‍රදේශයෙන් පමණක් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර තිබෙනවා.
තවද ඉරානය ද දෛනිකව ඝන අඩි බිලියන 2ක ගෑස් නිපදවා ඇති බව වාර්තා වනවා.








Leave a Reply