Loading...

ඕමානයේ තෙල් නෞකාවකට ප්‍රහාරයක්

ඕමානයේ මසන්දම් වෙරළට නාවික සැතපුම් 5ක් පමණ දුරින් තෙල් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලැබූ බවයි.

මෙම ප්‍රහාරය සමඟ 20 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලයම ඉවත් කර ඇති බව CNN ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා.

මෙම නෞකාවේ ස්කයිලයිට් ලෙසින් හැඳින්වෙන බටහිර පැසිෆික් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් පලාවු රාජ්‍යයේ ජාතික ධජය යටතේ යාත්‍රා වූ සඳහන්.

සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ ඕමාන නාවික හමුදාව විසින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *