Loading...

ASPI ඉතිහාසයේ පළමු වරට ඒකක 18,000 සීමාව පසුකර යයි

මෙරට ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 18000 සීමාව අද (30) ඉක්මවීමට සමත් වුණා.

මේ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98කින් ඉහළ ගොස් ඒකක 18014.86ක් ලෙස දැක්වුණා.

මෙහිදී සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් දක්වා තිබුණා.

ඊට අමතරව අද (30) දින සමගාම් 126ක කොටස් මිල ගණන් පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 62.74 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,345.80 ක් ලෙසින් සටහන් වුණා.

අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *