Loading...

අශෝක රන්වලගේ ජීප් රථය අනතුරට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (11) පස්වරු 7.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කිරිබත්ගොඩ රෝහලට සහ කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇති බව සඳහන්.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ද තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරට ලක්වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සපුගස්කන්ද පොලීසිය සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *