Loading...

අත්අඩංගුවට ගත් රවී කරුණානායකට ඇප – විදෙස් ගමන් තහනමකුත් පනවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (31) පස්වරුවේ නියෝග කර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (31) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙලෙස ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *