වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහත් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මීට අදාළ නඩුව මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඔහුට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ ප්රාදේශීය සභා මන්ත්රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කළ බවට පැවසෙන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරඟ වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයින් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබෙනවා.
එම නඩුව ඊයේ (12) මාතර මහේස්ත්රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පෙනී ඊට නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටමින් පැවසුවේ ඔහු රෝගාතුර වී ඇති බවයි.
එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.








Leave a Reply