ඉන්ධන මිල අඩු වීම සමඟ බස් ගාස්තු අඩු කරනවාද? නැද්ද? යන්න සම්බන්ධව අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
පසුගිය අප්‍රේල් මස 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණා.
කෙසේ වෙතත් බස් සංගම් ප්‍රකාශ කළේ ඊට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවයි.
ඒ නිසා නැවත ගාස්තු සංශෝධනයක් ලබන ජුලි මසදී වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ බස් ගාස්තු පහත දැමීම පිළිබඳව සියළු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව අවසන් තීරණයක් ගැනීමට සුදානම් බවයි.
Leave a Reply